පෙන්ටාවැලන්ට් (DTP – HepB - හිබ්) එන්නත ලබා දීමෙන් පැය කිහිපයකට පසුව මාස පහක් වයසැති දරුවෙකු මිය ගොස් ඇති බවට වාර්තාවක් පුත්තලම ප්‍රාදේශීය වසංගත රෝගවේදී වෙතින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය වෙත 2011 මාර්තු 22 වැනි දින ලැබී ඇත. මියගිය දරුවාට සුවකළ නොහැකි සහජ හෘද රෝගයක් ඇති බවට ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් රෝග විනිශ්චය කර තිබූ බවත් දරුවාගේ ආයු කාලය කෙටි බව හා එම තත්ත්වයට ප්‍රතිකාර නොමැති බව දෙමවුපියන්ට දැනුම් දී තිබූ බවත් සි්දධිය පිළිබඳ මූලික පරික්ෂණ වලින් හෙළිදරව් විය.
කෙසේ වෙතත්, ළදරුවන්ට හා ළමුන් සඳහා වන සාමාන්‍ය ප්‍රතිශක්තිකරණ වැඩසටහන අනුව දරුවාට ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දිය හැකි බවද දරුවාගේ දෙමවුපියන්ට වෛද්‍යවරුන් විසින් දැනුම් දී තිබී ඇත. ඒ අනුව දරුවාට උපතේදී බී.සී.ජී. එන්නත ද, ඔහුට වයස මාස 2 දී පෙන්ටාවැලන්ට් එන්නතේ පළමු මාත්‍රාව ද ලබා දී ඇති අතර අහිතකර විපාක කිසිවක් වාර්තා වී තිබී නැත. 2011.03.22 දින ඔහුට පෙන්ටාවැලන්ට් එන්නත් දෙවැනි මාත්‍රාව එන්නත් කර ඇත.
සහජ හෘද රෝග ඇති ළමුන්ට, පිළිගත් ජාතික හා ජාත්‍යන්තර ප්‍රතිශක්තිකරණ මාර්ගෝපදේශ මත සාර්ථක ලෙස එන්නත් ලබා දිය හැකි අතර එබඳු ළමුන්ට එන්නත් ලබා නොදී සිටීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර නැත. විද්‍යාත්මක වශයෙන්, නිරෝගී දරුවන්ට එන්නත් ලබාදීමට සාපේක්ෂව මෙවැනි දරුව්නට එන්නත් ලබා දීම වඩාත් යෝග්‍ය වන්නේ යම් රෝග වලට එරෙහිව ප්‍රතිශක්තිය ලබා දෙන්නේද, මෙබඳු ළමුන්ට එම රෝග වැළඳීමේ වැඩි අවදානමක් පවතින බැවිනි. හලාවත අධිකරණ වෛද්‍ය නිලධාරීගේ මගපෙන්වීම යටතේ දැනට මෙම මරණය පිළිබඳ පරිපූර්ණ විමර්ශනයක් කෙරීගෙන යමින් පවතී.
ශ්‍රී ලංකාවේ ළදරු මරණ අනුපාතිකය උපත් 1000කට 11ක් තරම් අඩු මට්ටමක පවතින අතර එබඳු මරණ වල නිශ්චිත සඛ්‍යාව වසරකට 4000 කට වැඩි අගයක් ගනී. මෙය දිනකට මරණ 10 – 11 ක් පමණ වේ. ඒ අනුව, විවිධ රෝග හේතුවෙන් රට පුරා ළමුන් 10-11 ක් මිය යන අතර මේ අකාරයේ මරණයක් අහඹු ලෙස එන්නත් කරන අව්සථාවකම සිදුවීමට ඉඩ ඇත. ශ්‍රී ලාංකික දරුවන් මිලියන 7කට අධික සංඛ්‍යාවකට ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ සාර්ථකව ප්‍රතිශක්තිකරණය ලබා දෙනු ලැබෙන බවත් මාරාන්තික රෝග 11 ක් නිසා වාර්ෂිකව සිදුවිය හැකි මරණ 50,000කට වැඩි සංඛ්‍යාවක් එමගින් වැළකෙන බවත් සැලකිල්ලට ගත යුතු වේ. එබැවින් නිසි විද්‍යාත්මක විමර්ශනයකින් තොරව, එන්නත් කිරීමකින් පසුව සිදුවන කවර හෝ මරණයක් එන්නත නිසා සිදුවූවක් බවට වහාම නිගමනයකට එළඹීම කළ නොහැක්කකි. ඒ අනුව, එබඳු සිදුවීමක් එන්නත් කිරීම නිසා සිදුවූවක් ලෙස හුවාදැක්වීම මගින් ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනට විශාල අවැඩක් සිදු කරන අතරම ඒ මත අති විශාල නිශේධාත්මක බලපෑමක් ඇති කරනු ඇත.
එබැවින්, ඔබගේ මාධ්‍ය සංවිධාන හා පුවත් වාර්තාකරණය මෙම සිද්ධිය පිළිබඳ පුවත ආවරණය කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙහෙයවනු ලබන ජාතික ප්‍රතිශක්ති වැඩසටහන කෙරෙහි ඇති මහජන විශ්වාසය සුරකින ආකාරයට වගකීම පිළිබඳ හැඟීමකින් හා වෘත්තීය ආචාර ධර්ම පිළිවෙත් අනුගමනය කරනු ඇතැයි මා උදක්ම විශ්වාස කරන අතර එසේ කිරීම අගය කරන බව දන්වනු කැමැත්තෙමි.
වෛද්‍ය පබා පළිහවඩන
ප්‍රධාන වසංගතරෝග වේදී
2011.03.23
Epid / WHO / NSF CKDu Study 2017
Timor Lestre - Sri Lanka twining agreement
Health and Emergency Response - Flood and landslide 2018 New
Introduction of Human Papillomavirus (HPV) Vaccine into the National Immunization Programme
-----------------------------------------
Advice's for patients with Dengue Fever who are on ambulatory care ( Sinhala / Tamil / English )
Printable versions ( Sinhala / Tamil / English )
Triage of fever patients with suspected dengue and criteria for admission
27-06-2011 සිට 29-06-2011 : බදුල්ල දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම සඳහා ප්‍රතිශක්තිකරණ ආරක්ෂාව පිළිබඳ පුහුණුව.
පසුගිය දශක කිහිපය මුළුල්ලේ ශ්‍රී ලංකාවේ බෝවෙන රෝග ආවේක්ෂණ ක්‍රමය සඳහා ශක්තිමත් කේන්ද්‍රය වූයේ සාමාන්‍ය 11399...
පෙන්ටාවැලන්ට් (DTP – HepB - හිබ්) එන්නත ලබා දීමෙන් පැය කිහිපයකට පසුව මාස පහක් වයසැති දරුවෙකු මිය ගොස් ඇති බවට වාර්තාවක් පුත්තලම ප්‍රාදේශීය වසංගත රෝගවේදී ...
Let Sleeping Demons Sleep
වසංගත රෝග විද්‍යා ඒකකය,සෞඛ්‍ය අමාත්‍යංශය,නො .231, ඩි සේරම් පෙදෙස කොළඹ 10.. දුරකථන : +94-001-2695112, +94-001-2681548 | ෆැක්ස් : +94-001-2696583 ඊ-තැපෑල : chepid@sltnet.lk (ප්‍රධානියා), epidunit@sltnet.lk (වසංගත ඒකකය) |
![]() ![]() |
![]() |
|
නිමැවුම සහ සම්බන්ධීකරණය![]() |