
පසුගිය දශක කිහිපය මුළුල්ලේ ශ්‍රී ලංකාවේ බෝවෙන රෝග ආවේක්ෂණ ක්‍රමය සඳහා ශක්තිමත් කේන්ද්‍රය වූයේ සාමාන්‍ය 11399 (බෝවන රෝග පිළිබඳ සතිපතා වාර්තාව) මත පදනම් වූ රෝග ආවේක්ෂණ ක්‍රමයයි. එය වසර ගණනාවක් මුළුල්ලේ විකාශය වූ අතර රටේ නිරන්තරයෙන් වෙනස් වන බෝවන රෝග පිළිබඳ වසංගත රෝග විද්‍යාවට යෝග්‍ය පරිදි සකසා ගත හැකි බව සනාථ වී ඇත.
තොරතුරු තාක්ෂනයේ ස්පර්ශය ලබා දීම සඳහා, දත්ත වල ගුණා්තමක බව හා කලට වේලාවට සැපයෙන බව වැඩි දියුණු කිරීමට පියවර ගන්නා අතරම ලිඛිත රෝග ආවේක්ෂණ ක්රමයේ මූලධර්ම මතම පදනම්ව ‘නිවාරණ’ (www.nivarana.lk) නම් අන්තර්ජාලය මත පදනම් වූ අතිරේක මෘදුකාංග යෙදුමක් සකස් කරනු ලැබ ඇත. මෙය රට පුරා ක්‍රියාත්මක වීමෙන් අනතුරුව ලිඛිත ක්‍රමය වෙනුවට මෙය ආදේශ කිරීමට වසංගත රෝග විද්‍යා ඒකකය අපේක්ෂා කරයි.
මෙම යෙදුම දියත් කිරීමට ප්‍රථමයෙන්, ගරු සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් සහ අමාත්‍යාංශයේ පළාත් හා ප්‍රාදේශීය අනෙකුත් ඉහළ සෞඛ්‍ය නිලධාරීන් සහභාගි වූ 2011 ජුනි මස 23 වැනි දින පැවති HDC රැස්වීමේදී මෙය ප්‍රදර්ශනය කරන ලදී.
අවසන් යාවත්කාලීන කිරීම 2011 ඔක්තෝබර් 24 වෙනි සදුදා, 08:06
27-06-2011 සිට 29-06-2011 : බදුල්ල දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම සඳහා ප්‍රතිශක්තිකරණ ආරක්ෂාව පිළිබඳ පුහුණුව.

පසුගිය දශක කිහිපය මුළුල්ලේ ශ්‍රී ලංකාවේ බෝවෙන රෝග ආවේක්ෂණ ක්‍රමය සඳහා ශක්තිමත් කේන්ද්‍රය වූයේ සාමාන්‍ය 11399...

පෙන්ටාවැලන්ට් (DTP – HepB - හිබ්) එන්නත ලබා දීමෙන් පැය කිහිපයකට පසුව මාස පහක් වයසැති දරුවෙකු මිය ගොස් ඇති බවට වාර්තාවක් පුත්තලම ප්‍රාදේශීය වසංගත රෝගවේදී ...
Let Sleeping Demons Sleep
| වසංගත රෝග විද්‍යා ඒකකය,සෞඛ්‍ය අමාත්‍යංශය,නො .231, ඩි සේරම් පෙදෙස කොළඹ 10.. දුරකථන : +94-001-2695112, +94-001-2681548 | ෆැක්ස් : +94-001-2696583 ඊ-තැපෑල : chepid@sltnet.lk (ප්‍රධානියා), epidunit@sltnet.lk (වසංගත ඒකකය) |
|
![]() |
|
නිමැවුම සහ සම්බන්ධීකරණය![]() |