Tamil-Sri LankaEnglish (United Kingdom)

රෝග ආවේක්ෂණය අන්තර්ජාලයට පිවිසෙයි

පසුගිය දශක කිහිපය මුළුල්ලේ ශ්‍රී ලංකාවේ බෝවෙන රෝග ආවේක්ෂණ ක්‍රමය සඳහා ශක්තිමත් කේන්ද්‍රය වූයේ සාමාන්‍ය 11399 (බෝවන රෝග පිළිබඳ සතිපතා වාර්තාව) මත පදනම් වූ රෝග ආවේක්ෂණ ක්‍රමයයි. එය වසර ගණනාවක් මුළුල්ලේ විකාශය වූ අතර රටේ නිරන්තරයෙන් වෙනස් වන බෝවන රෝග පිළිබඳ වසංගත රෝග විද්‍යාවට යෝග්‍ය පරිදි සකසා ගත හැකි බව සනාථ වී ඇත.

තොරතුරු තාක්ෂනයේ ස්පර්ශය ලබා දීම සඳහා, දත්ත වල ගුණා්තමක බව හා කලට වේලාවට සැපයෙන බව වැඩි දියුණු කිරීමට පියවර ගන්නා අතරම ලිඛිත රෝග ආවේක්ෂණ ක්‍රමයේ මූලධර්ම මතම පදනම්ව ‘නිවාරණ’ (www.nivarana.lk) නම් අන්තර්ජාලය මත පදනම් වූ අතිරේක මෘදුකාංග යෙදුමක් සකස් කරනු ලැබ ඇත. මෙය රට පුරා ක්‍රියාත්මක වීමෙන් අනතුරුව ලිඛිත ක්‍රමය වෙනුවට මෙය ආදේශ කිරීමට වසංගත රෝග විද්‍යා ඒකකය අපේක්ෂා කරයි.

මෙම යෙදුම දියත් කිරීමට ප්‍රථ‍මයෙන්, ගරු සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ අමාත්‍යාංශයේ පළාත් හා ප්‍රාදේශීය අනෙකුත් ඉහළ සෞඛ්‍ය නිලධාරීන් සහභාගි වූ 2011 ජුනි මස 23 වැනි දින පැවති HDC රැස්වීමේදී මෙය ප්‍රදර්ශනය කරන ලදී.

අවසන් යාවත්කාලීන කිරීම 2011 ඔක්තෝබර් 24 වෙනි සදුදා, 08:06

සිදුවීම් දින දර්ශනය

© 2011 වසංගත රෝග විද්‍යා ඒකකය- 2011
කොන්දේසි භාවිතය
නිමැවුම සහ සම්බන්ධීකරණය