1798 වර්ෂයේ එඩ්වඩ් ජෙනර් ප්‍රථම වතාවට ප්‍රතිශක්තිකරණය මගින් වසූරියට එරෙහිව ආරක්ෂාව ලබා දෙන බව ඔප්පු කළේය. මිනිසාට වසූරිය වයිරසයට එරෙහි (proxvirus varialae) එරෙහි ප්‍රතිසංස්කරණය ලබා දීම සඳහා ඔහු ගව වසූරි වයිරසය (poxivirus varialae) යොදා ගත්තේය. පසුගිය වසර 200 මුළුල්ලේ ප්‍රතිශක්තිකරණ එන්නත් භාවිතය දිගින් දිගටම බැක්ටීරියා හා වයිරස මගින් වැළෙඳන රෝග ගණනාවක බර අඩු කිරීමට සමත් වී ඇත .
වසූරිය සම්පූර්ණයෙන්ම තුරන් කරනු ලැබ ඇති අතර පෝලියෝ මයිලයිටිස් තුරන් කරනු ලැබීමට ආසන්නව පවතී. ශ්‍රි ලංකාවේ වෛරස විද්‍යාත්මකව සනාථ කරනු ලැබූ අවසන් පෝලියේ මයිලයිට්ස් රෝගියා වාර්තා වී ඇත්තේ 1993 දීය.
නිසි කලට අඛණ්ට ප්‍රතිශක්තිකරණය හඳුන්වාදීම මගින් ශ්‍රී ලංකාවේ ප්‍රතිශක්තිකරණයෙන් වළක්වා ගත හැකි රෝග බොහොමයක් ඇති වීම පොදුවේ අඩු වී ඇත. තවත් බොහෝ රටවල ප්‍රතිශක්තිකරණ වැඩසටහන් හඳුන්වාදීම තුළින් රෝග අඩු කිරීමේදී මේ හා සමාන සාර්ථකත්වය පෙන්නුම් කර ඇත. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ හා අනෙකුත් ආධාර සපයන්නන්ගේ සහාය ඇතිව ක්‍රියාත්මක කෙරෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ව්‍යාප්ත කළ ප්‍රතිශක්තිකරණ වැඩසටහන මෙම ප්රතිලාභ සංවර්ධනය වෙමින් පවතින රටවලට ලබා දීමේදී විශාල ප්‍රගතියක් අත් කරගෙන ඇත. වසූරිය ගෝලීය වශයෙන් තුරන් කර දැමීමට ප්‍රතිශක්තිකරණය ඉඩ සැලසූ අතර පෝලියෝමයලයිට්ස් හා තවත් රෝග සම්බන්ධයෙන්ද එය සිදුවීමට ඉඩ ඇත.
දරුවෙකුට ප්‍රතිශක්තිකරණය ලබාදීමෙන් එම දරුවා ආරක්ෂා වනවා පමණක් නොව පොදුවේ ප්‍රතිශක්ති මට්ටම ඉහළ දැමීම හා ආසාදන පැතිරයාම අවම කිරීම මගින් අනෙකුත් දරුවන් ආරක්ෂා වීම ද සිදු වේ.
ශ්‍රි ලංකාවේ ප්‍රතිශක්තිකරණයේ ඉතිහාසය
ශ්‍රී ලංකාවේ ප්‍රතිශක්තිකරණයේ ඉතිහාසය 19 වැනි ශතවර්ෂය තෙක් දිවේ. 1986 ප්‍රතිශක්තිකරණ ආඥාපනත අනිවාර්ය ප්‍රතිශක්තිකරණයට (වසූරියට එරෙහිව) අදාල නීතිය ගැන සඳහන් කරය
1978 දී ස්ථාපනය කරන ලද ව්‍යාප්ත කළ ප්‍රතිශක්තිකරණ වැඩසටහන පසුගිය දශක දෙක මුළුල්ලේ දිගින් දිගටම විශිෂ්ඨ ප්‍රගතියක් අත්කරගෙන ඇති අතර එහිදී වඩාත් කැපී පෙනෙන්නේ ඉහළ අගයකින් යුතු ප්‍රතිශක්තිකරණ ආවරණය සහ රෝග පාලනය වේ. ශ්‍රී ලංකාවේ ප්‍රතිශක්තිකරණයට අදාල සුවිශේෂී වැදගත්කමින් යුත් සිදුවීම ලැයිස්තුවක් පහත දක්වා ඇත.
1886 |
ප්‍රතිශක්තිකරණ ආඥාපනත යටතේ වසූරියට එරෙහි ප්‍රතිශක්තිකරණ හඳුන්වාදීම |
1949 |
ක්ෂයරෝගයට එරෙහිව බී සී ජී එන්නත හඳුන්වා දීම |
1961 |
ගලපටලය කක්කල් කැස්ස සහ පිටගැස්මට එරෙහි ත්‍රිත්ව එන්නත හඳුන්වාදීම |
1962 |
මුඛ පෝලියෝ එන්නත හඳුන්වා දීම |
1963 |
නවජ දරුවන් සඳහා බී සී ජී එන්නත හඳුන්වා දීම |
1969 |
ගැබිණි මවුවරුන්ට පිටගැස්ම ධූලකය ලබා දීම හඳුන්වා දීම |
1978 |
ව්‍යාප්ත කළ ප්‍රතිශක්තිකරණ වැඩසටහන දියත් කිරීම |
1984 |
සරම්ප එන්නත හඳුන්වා දීම |
1991 |
පිටගැස්ම ධූලකය සඳහා කාලසටහන සංශෝධනය කිරීම |
1995 |
පළමුවැනි ජාතික ප්‍රතිශක්තිකරණ දිනය පැවැත්වීම |
1996 |
රූඛෙල්ලා එන්නත හඳුන්වා දීම |
2001 |
MR සහ ATd සහිතව සංශෝධිත ජාතික ප්‍රතිශක්තිකරණ කාලසටහන හඳුන්වා දීම |
2003 |
අදියර පදනමින් හෙපටයිටිස් බී එන්නත හඳුන්වා දීම |
2008 |
පෙන්ටාවැලන්ට් එන්නත අඩංගු හිබ් හඳුන්වා දීම |
ප්‍රතිශක්තිකරණ එන්නත් කිරීමේ කාලසටහන
1978 දී ව්‍යාප්ත කරන ලද ප්‍රතිශක්තිකරණ වැඩසටහන් ආරම්භයත් සමගම එය කේන්ද්‍රගත වූයේ ළමා වියේ ක්ෂය රෝගය පිට ගැස්ම ගලපටලය පෝලියෝ සහ නවජ පිටගැස්ම පාලනය කිරීම කෙරෙහිය. 1988 දී මෙම කේන්ද්‍රීය අවධානය රෝග තුරන් කිරීම කරා මාරු විය. 1991 දී පෝලියෝ තුරන් කිරීමේ ක5ියාවලියට පහසුකම සැපයීම පිණිස පාසලට ඇතුලත් වීමේදී මුඛ පෝලියෝ එන්නතේ පස්වැනි මාත්‍රාව ලබා දීම හඳුන්වා දෙන ලදී . වසර ගණානවක් තුළ ක්‍රම ක්‍රමයෙන් රුඛෙල්ලා හෙපටයිටස් බී හා පෙන්ටාවැලන්ටි අඩංගු හිබ් එන්නත් මෙම වැඩසටහනට හඳුන්වා දීම සිදු වියග ව්‍යාප්ත කළ ප්‍රතිශක්තිකරණ වැඩසටහනේ වර්තමාන කාලසටහන ව්‍යාප්ත කරන ලද ප්‍රතිශක්තිකරණ වැඩසටහන් එන්නත් ලබාදීමේ වර්තමාන කාලසටහන පහත සඳහන් ඇමුණුමේ දක්වා ඇත. 1987 දී වැඩි අවදානමක් පවතින ප්‍රදේශ සඳහා ජැපනීස් එන්සෙතලයිටිස් එන්නත හඳුන්වා දෙන ලදී . පළමුවැනි හා දෙවැනි මාත්‍රා අතර සති 2 - 4 සහ දෙවැනි හා තෙවැනි මාත්‍රා අතර එක් වසරක කාලාන්තර පවතින මාත්‍රා තුනකින් ජැපනීස් එන්සෙෆලයිටිස් රෝගයට එරෙහි මූලික ප්‍රතිශක්තිකරණය සමන්විත වේ. මූලික ප්‍රතිශක්තිකරණයෙන් අනතුරුව සෑම වසර 4කටම වරක් එන්නතෙහි ශක්තිය වැඩි කරවන මාත්‍රාවක් ලබා දීම සිදු කෙරේ. ඉහළ අවදානමක් සහිත බවට හඳුනාගත් ප්‍රදේශ වල ජිවත්වන වයස අවුරුදු දහයට අඩු දරුවන්ට ජැපනීස් එන්සෙෆලයිටිස් රෝගයට එරෙහි ප්‍රතිශක්තිකරණය ලබා දීම සිදු වේ.
ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනේ අරමුණු
ඉහත සඳහන් අරමුණු සාක්ෂාත් කරගැනීමට නම් ශක්තිමත් එන්නත් නිවැරද මාත්‍රාවෙන් නිවැරදි විධික්රම භාවතා කරමන් හා ජාතික ප්‍රතිශක්තිකරණ කාලසටහනට අනුකූලව ලබාදීම මගින් ඉහත රෝගවලට හේතුවන නිශ්චිත ජීවීන්ට එරෙහිව ජනතාව තුළ ප්‍රතිශක්තිය නිර්මාණය කළ යුතු වේ.
![]() |
ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු කියවන්න |
Introduction of Human Papillomavirus (HPV) Vaccine into the National Immunization Programme
-----------------------------------------
Special Dengue campaign 9th and 10th Nov 2017 ( Sinhala / Tamil / English )
Dengue mosquito control week : 20 - 26 Sept 2017
Advice's for patients with Dengue Fever who are on ambulatory care ( Sinhala / Tamil / English )
Printable versions ( Sinhala / Tamil / English )
Triage of fever patients with suspected dengue and criteria for admission
27-06-2011 සිට 29-06-2011 : බදුල්ල දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම සඳහා ප්‍රතිශක්තිකරණ ආරක්ෂාව පිළිබඳ පුහුණුව.
පසුගිය දශක කිහිපය මුළුල්ලේ ශ්‍රී ලංකාවේ බෝවෙන රෝග ආවේක්ෂණ ක්‍රමය සඳහා ශක්තිමත් කේන්ද්‍රය වූයේ සාමාන්‍ය 11399...
පෙන්ටාවැලන්ට් (DTP – HepB - හිබ්) එන්නත ලබා දීමෙන් පැය කිහිපයකට පසුව මාස පහක් වයසැති දරුවෙකු මිය ගොස් ඇති බවට වාර්තාවක් පුත්තලම ප්‍රාදේශීය වසංගත රෝගවේදී ...
Let Sleeping Demons Sleep
වසංගත රෝග විද්‍යා ඒකකය,සෞඛ්‍ය අමාත්‍යංශය,නො .231, ඩි සේරම් පෙදෙස කොළඹ 10.. දුරකථන : +94-001-2695112, +94-001-2681548 | ෆැක්ස් : +94-001-2696583 ඊ-තැපෑල : chepid@sltnet.lk (ප්‍රධානියා), epidunit@sltnet.lk (වසංගත ඒකකය) |
![]() ![]() |
![]() |
|
නිමැවුම සහ සම්බන්ධීකරණය![]() |